නව තාක්‍ෂණ විශ්වවිද්‍යාල 10 න් එකක් අක්මීමණට (වීඩියෝ)

ජූලි 16, 2020
  • සෞභාග්‍යයේ දැක්ම අනුව විශ්වවිද්‍යාල නොමැති දිස්ත්‍රික්වල නව තාක්‍ෂණ විශ්වවිද්‍යාල 10 ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාලය අක්මීමණ ප්‍රදේශයේ ඉදිකිරීමට සැළසුම් කර ඇත.

    අක්මීමණ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් අක්කර 26 කින් යුත් වලහන්දූවවත්ත ප්‍රදේශයේයි මෙම තාක්‍ෂණ විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා යෝජනා වී ඇත්තේ.

    ආසියා සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව මෙහි ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසානයේ ආරම්භ කරන බවයි, බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජූලි 2020 19:51

    Latest News