වඳුරන්, රිලවුන්ගෙන් ගම්මාන රැසක ජනතාවට පීඩා

සැප් 27, 2020

    වඳුරන් සහ රිලවුන් නිසා අම්පාර, අට්ටාලච්චේන, ගෝනවත්ත ඇතුළු ගම්මාන රැසක ජනතාව පීඩාවට පත්ව සිටී.

    මෙය දෛනික ජන ජිවිතයට බාධාවක් වී ඇති බව අප වාර්තාකරු පවසයි. අවට ගංගා ආශ්‍රිත කැලෑබද ප්‍රදේශවලින් ගම්වඳින වඳුරන් සහ රිලවුන් වගාවලට මෙන්ම නිවාස හා කාර්යාලවලට ද හානි සිදු කරයි.

    මෙම තර්ජනයට ලක්ව සිටින්නේ රහුමානියා බාද්, මීනෝඩෙයිකට්ටු, ඔලුවිල්, පාලම්මුනෙයි, අශ්ෂෆ් නගර්, ආලන්කුලන්, මිලාත්නගර් සහ සම්පුනගර් යන ගම්මානවල ජනතාවයි. කාන්තාවන් සහ දරුවන්, වඳුරන් සහ රිලවුන්ගේ සපාකෑම්වලට ද ලක්ව ඇති බව ජනතාව පවසයි. එම සතුන් නිවාසවල ඇති ආහාරපාන මෙන්ම ඇඳුම් පැළඳුම් ද රැගෙන යයි. මෙම තර්ජනයට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

    Latest News