නිව් ඩයමන්ඩ් කපිතාන්වරයාට එරෙහිව අධි චෝදනා

ඔක් 08, 2020

    ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ දී පසුගියදා ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

    ඔහු තිරෝස් හිල්යාස් නමැති ග්‍රීක ජාතිකයෙක්. නෞකාව ගිනිගන්නා අවස්ථාවේදී එය මැඩපැවැත්වීමට ක්‍රියා නොකිරීම ඔහුට ඇති චෝදනාවයි. නෞකාව තුළ තිබූ ස්වයංක්‍රීය ගිනි නිවීමේ පද්ධතිය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන්, අනතුර වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම, අනතුර සිදුවූ වහාම වගකිව යුතු ආයතන හා බලධාරීන් දැනුවත් නොකිරීම යන කරුණු නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට එරෙහි අධි චෝදනා ලෙස ගොනුකර තිබේ.

    Latest News