ජාතික විශ්‍රාම දිනයට සමරු මුද්දරයක්

ඔක් 08, 2020

    ජාතික විශ්‍රාම දිනය අදට යෙදී තිබේ.

    ඒ වෙනුවෙන් මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, තැපැල්පති රංජිත් ආරියදාස යන මහත්වරුන් හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට වසර 50ක් සපිරිම නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නිකුත් කෙරිණ. මේ අතර, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත
    “ශ්‍රී ලංකා විශ්‍රාම ග්‍රන්ථය“ එළිදැක්වීම සහ සැමට විශ්‍රාම යෝජනාවලිය ද හඳුන්වාදීම ද මෙහිදී සිදුවිය.

    Latest News