අවුකන පූජා භූමිය නඩත්තුව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට

ඔක් 11, 2020

    ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින පූජා භූමිය පවිත්‍ර කිරීම සහ නඩත්තුව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

    ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ නියෝගයක් අනුවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පසුගියදා අවුකන බුදබිමේ සංචාරයක නිරත විය. එහිදී විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවල්ලියේ ජිනානන්ද හිමියන් ජනාධිපතිතුමාට දැනුම් දී ඇත්තේ පුදබිමේ නඩත්තු කටයුතු සිදු නොවන බවයි.

    එම අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාට උපදෙස් දී ඇත්තේ, පුදබිම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යටතේ සංවර්ධනය කර නඩත්තු කටයුතු සිදු කරගෙන යන ලෙසටයි.

    ඒ අනුව ගල්කිරියාගම විසින් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් උසස් පුහුණු පාසලේ සිවිල් ආරක්‍ෂක භටයින් පුදබිම පවිත්‍ර කිරීමේ කටයුතු ඊයේ ආරම්භ කළේය. එම අවස්ථාවට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ද එක්ව සිටියහ.

    Latest News