රියාජ් නිදහස් කිරීම ගැන අහන්න, CID අධ්‍යක්‍ෂ නීතිපති හමුවට කැඳවයි

ඔක් 11, 2020

    රියාජ් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරියාට නීතිපතිවරයා හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

    අදාළ ලිපිගොනු සියල්ල ද ඉදිරිපත් කරන ලෙස යි දැනුම් දී ඇත්තේ. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් අප්‍රේල් 14 වැනි දිනයි. මාස 5කට අධික කාලයක් අත්අඩංගුවේ පසුවූ රියාජ් බදියුදීන්ට අදාළව සිදු කළ පරීක්‍ෂණ අවසන් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් පසු ඔහු නිදහස් කෙරිණ.

    මේ පිළිබඳව පාර්ශ්ව රැසකින් විරෝධතා එල්ලවිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිය දෙනෙකු අත්සන් කළ පෙත්සමක් ජනාධිපතිතුමාට ඉදිරිපත් කළේ, රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන විධිමත් පරීක්‍ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින්.

    රියාජ් බදියුදීන් නිදහස් කිරීම නීතිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බව නීතිපති සම්බන්ධීකරණ ලේකම් රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළාය.

    Latest News