ප්‍රදේශ 18 කට නිරෝධායන ඇඳිරි නීතිය - ජනතාවට විශේෂ නිවේදනයක්

ඔක් 12, 2020

    මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඈති පොලිස් බල ප්‍රදේශ වල වෙළඳසැල් සහ ඖෂධ ශාලා හෙට සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුන වසා තබන බව යුද හමුදාපති සහ කොවිඩ් මර්දන ජාතික මධ්‍යස්ථාන ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    එම ප්‍රදේශ වල ඇඳිරි නීතිය පවතින තත්වයක් තුළත් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ලබා ගැනීමේ ස්ථාන විවෘතව තැබීමට මුලින් ආණ්ඩුව තීරණය කර තිබිණි.

    නමුත් ආසාදිතයන් වැඩිවැඩියෙන් වාර්තා වීමත් සමග ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සහ ජනතාවගේ සංචරණය සීමා කිරීමට තීරණයක් ගෙන තිබෙන බව වාර්තා වේ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට සහ දිවුලපිටිය, ජා ඇල, කඳාන, සීදුව යන පොලිස් බල ප්‍රදේශවලට මේ වනවිට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති අතර, එය යළි දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කෙරේ.

    එම ප්‍රදේශවල ජනතාවට භාණ්ඩ මිල දී ගැනීම සඳහා උදෑසන සිට රාත්‍රී 8 දක්වා සතොස, ඖෂධ සැල්, සුපිරි වෙළෙඳසැල්, මත්ස්‍ය අලෙවි සැල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳ සැල් විවෘත කිරීමට අවසර ලබා දී තිබුණි.

    කොවිඩ් - 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ළඟම පවතින වෙළෙදසැල වෙත ගොස් අදාළ භාණ්ඩ මිලදී ගැනීමට ඒ අනුව ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල ජනතාවට හැකියාව ලැබුණි.

    මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි.

    ගම්පහ කොට්ඨාසයේ ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල හා යක්කල නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශයි.

     

    Latest News