නාකොටික් නිලධාරීන් 13දෙනා යළි බන්ධනාගාරයට

ඔක් 12, 2020

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයේ පොලිස් නිලධාරීන් 13 දෙනා ලබන 26 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද නියෝග කළේය.

    එම පොලිස් නිලධාරීන් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන ජනිත් මධුශංඛ ද සිල්වා හෙවත් පොඩි ලැසී නමැත්තාට අයත් පිස්තෝලයක් සඟවා තිබියදී සොයා ගැනීමට CID යට හැකි වී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

    ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ එහි විමර්ශන සඳහා පොඩි ලැසී නමැත්තාව රැඳවුම් නියෝගයක් මත රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

    එමෙනේම ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් නියෝග මත රඳවා සිටින පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර නමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් 11 ලක්ෂ 45,000 ක් අඩංගු බෑගයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී ඇතැයි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේ අදාළ එම පොලිස් පරීක්ෂකවරයා ඔහු යටතේ සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ නිවසේ එම මුදල් බෑගය තබා කඩවත පොලීසියට භාරවී තිබූ බවයි.

    Latest News