නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලාවන්ගේ කටයුතු පවත්වාගෙන යා හැකි අතර, ඒ සඳහා පැමිණිය යුතු සේවක-සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව Covid - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.