එන්නත්කරණය දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි

අගෝ 29, 2021

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන අදත් දිවයින පුරා සාර්ථකව පැවැත්වේ.

    වයස අවුරුදු 60ට වැඩි ජනතාවට සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට නිවසටම ගොස් එන්නත් ලබාදීමේ වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් ජංගම එන්නත්කරන රථ යොදා තිබේ. ගම්පහ, කොළඹ, කළුතර, කිලිනොච්චිය, යාපනය, වවුනියාව, ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, කුරුණෑගල, මන්නාරම, මඩකලපුව, බදුල්ල, මොණරාගල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල එය අද ක්‍රියාත්මකයි.

    Latest News