මෙරට ජනතාවට එන්නත් මාත්‍රා එක්කෝටි 93 ලක්‍ෂ 51,672ක් ලබාදී අවසන්

අගෝ 29, 2021

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා එක්කෝටි 93 ලක්‍ෂ 51,672ක් මේ වනවිට ලබාදී තිබේ.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 4528කට ඊයේ ලබා දී ඇති අතර, එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 679ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 14,207 කට ලබාදී තිබේ. එහි දෙවැනි මාත්‍රා ලබාගත් පිරිස එක් ලක්‍ෂ 31,544ක්.

    ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගෙන ඇති පිරිස 32ක්. එහි දෙවැනි මාත්‍රා 796 දෙනෙක් ලබාගත්තේය. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 5 දෙනෙකුට ලබා දී තිබේ. එහි දෙවැනි මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 36,261ක්.

    ඉකුත් දින 7 දී මෙරට ජනතාවට ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 15ස් ලක්‍ෂ 18,103ක්. එන්නත් මාත්‍රා එක් ලක්‍ෂ 88,052ක් ඊයේ ලබා දී තිබේ.

    Latest News