ගුරු - විදුහල්පති සේවා සංවෘත සේවා ලෙස 2021 නොවැම්බර් 20ට පෙර ගැසට් නිවේදනයක් මගින්

අගෝ 31, 2021

    ගුරු - විදුහල්පති, ගුරු උපදේශක සංවෘත සේවා වශයෙන් ලබන නොවැම්බර් 20ට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

    එමෙන්ම, රාජකාරී කටයුතුවල නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සඳහා රුපියල් 5,000 බැගින් වන විශේෂ දීමනාවක් සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසයන්හි ලබාදීමට, කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    ගුරු - විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව, ගුරු - විදුහල්පති හා ගුරු උපදේශක වෘත්තීය සමිති 33ක නියෝජිතයින් සමග සාකච්ජා කර මෙම නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. 

    එම තීරණ පහතින්....

    Cabinet 900px 21 08 31

    Last modified on අඟහරුවාදා, 31 අගෝස්තු 2021 11:36

    Latest News