සියලු පවුල් සඳහා දේශීය ප්‍රතිශක්ති ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙලක්

අගෝ 31, 2021

    රට පුරා පවතින කොවිඩ්-19 වසංගත තත්වය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පවුල් ආවරණය වන පරිදි දේශීය ප්‍රතිශක්තී වර්ධක ඖෂධ හා ඖෂධීය ප්‍රතිශක්ති වර්ධක කැඳ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

    ඒ අනූව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් අනුමත කර ඇති ඖෂධ මංජුසාවක් දිවයිනේ සෑම පවුලක් වෙතම ලබා දීමටත්, යෝජිත වැඩසටහනේ පළමු අදියර යටතේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ ආදායම් අහිමි වූ පවුල් ලක්ෂ 25ක් සඳහා ලබාදීමටත්, දෙවැනි අදියර යටතේ ඉතිරි සියලුම පවුල් සඳහාත් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර තිබේ‍ෙ

    සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. 

    Aurvedic 900px 21 08 31

    Last modified on අඟහරුවාදා, 31 අගෝස්තු 2021 12:03

    Latest News