2024 වනවිට මිරිස් ආනයනය නතර කිරීමට පියවර ගන්නවා; අමාත්‍ය මහින්දානන්ද

සැප් 12, 2021

    2024 වසර වනවිට මිරිස් ආනයන සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගන්නා බව, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    එමෙන්ම දිවයින පුරා අලුතින් අක්කර තුන් දහසක භූමි ප්‍රමාණයක මිරිස් වගා කිරීමට ද සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා කියා සිටී. නාවලපිටිය, ගලබොඩවත්තේ සාර්ථකව සිදු කෙරෙන අක්කර සියයක කාබනික මිරිස් වගා භූමිය නිරීක්‍ෂණයට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ මේ බව කියා සිටියේය.

    ප්‍රදේශයේ තරුණයින්ට තේ වගා නොකළ මුඩු ඉඩම්වලින් අක්කර දෙකහමාර බැගින් ලබාදී තිබේ. ඒ, මිරිස් වගාව සඳහායි. ඉදිරියේදී තවත් අක්කර සියයක් රැකියා විරහිත එම වතුයායේ තරුණයින්ට මිරිස් වගාව සඳහා ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News