කාබනික පොහොර යොදා තේ වගා කිරීමේ නව ව්‍යාපෘතියක්...(වීඩියෝ)

සැප් 12, 2021
  • තේ වගා කෙරෙන දිස්ත්‍රික්කවල ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින්, කාබනික පොහොර යොදා තේ වගා කිරීමේ නව ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කෙරුණා.

    අක්කර භාගයකට වඩා වැඩි ඉඩකඩක් පවතින ආගමික ස්ථානවල මෙය ක්‍රියාවට නැංවීමට නියමිතයි. මෙහි පළමු වැටසටහන, කෑගල්ල, වට්ටාරම රජමහා විහාරස්ථානයේදී පසුගියදා ආරම්භ කෙරුණා.

    මෙහිදී, අක්කර 02 ක භූමි ප්‍රදේශයක තේ වගා කටයුතු සිදුකරනු ලැබුවා. ඊට අනුග්‍රාහකත්වය ලබාදී ඇත්තේ, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා තේ සංවර්ධන මණ්ඩලයයි. රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on ඉරිදා, 12 සැප්තැම්බර් 2021 17:05

    Latest News