රජයේ සහතික මිළට වී තොග ලබාදීමට, වී ගබඩා හිමියන්ගේ කැමැත්ත...

සැප් 12, 2021

    රජයේ ලියාපදිංචි නොවි රැස් කළ වී තොග, රජයේ සහතික මිළ යටතේ වී අලෙවි මණ්ඩලය වෙත ලබාදීම ඊයේ ආරම්භ කෙරුණා.

    ඒ, පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේදීයි.  ලියාපදිංචි නොවී වී තොග රැස් කළ ගබඩා හිමියන් විශාල පිරිසක් මේ වන විට රජයේ සහතික මිලට එම වී තොග, වී අලෙවි මණ්ඩලයට ලබාදීමට කැමැත්ත පළ කර තිබේ. ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මැදිහත් වී සිටී.

    ඊයේ පමණක් වී කිලෝග්‍රෑම් 65,000 ක් වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත රැගෙන යනු ලැබූ අතර, එකඟතාව පළ කළ සියලුම ගබඩා හිමියන්ගේ වී තොග ඉදිරි දින කිහිපයේදී ලබා ගැනීමට කටයුතු කරන බවයි, පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් නිලධාරින් කියා සිටියේ.

    Latest News