නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යථා තත්වයට....

ජන 31, 2022

    අක්‍රීයව තිබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යථා තත්වයට පත්කර තිබෙනවා.

    මේ අතර, මහජන උපයෝගිත කොමිෂන් සභාව අද (31) කියා සිටියේ, නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි. පසුගිය දෙසැම්බර් 03 වැනිදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම නිසා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර තුනෙන් එකක් අක්‍රීය වුණා. එමගින්, ජාතික විදුලිබල පද්ධතියට හිමිවූ විදුලිය ප්‍රමාණය මෙගාවොට් 300ක්. පසුගිය දිනවල ඇති වූ විදුලි කප්පාදුව මෙය ප්‍රධාන හේතුවක් වුණා. කෙසේ වෙතත්, ඊයේ රාත්‍රී වනවිට බලාගාරය යථා තත්වයට පත් කර තිබෙනවා.
    සති තුනක සිට විදුලිබල පද්ධතිය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් අභියෝගාත්මක තත්වයක් පැන නැඟුණා. කෙසේ වෙතත්, එම අභියෝග කළමනාකරණය කර ගෙන අඛණ්ඩව විදුලිය සැපයීම හේතුවෙන් රටට අහිමිවීමට ගිය රුපියල් බිලියන 31ක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

    Latest News