සියලුම දේශපාලන පක්‍ෂ එක්ව කටයුතු කළ යුතුයි; කරූ ජයසූරිය...(වීඩියෝ)

ජූලි 31, 2022
  • සියලුම දේශපාලන පක්ෂ එක්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇතැයි, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා පවසනවා.

    යහපත් රටක් උදෙසා “නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” යන මැයෙන් සංවිධාන කර තිබූ ගාල්ල සමාජ සංවාදයට ඊයේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුව හා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එක්ව සංවාදය සංවිධාන කළා. සර්ව ආගමික නායකයින්, දේශපාලනඥයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.

    Latest News