අගමැතිතුමා ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගනී...

ජූලි 31, 2022

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තා.

    අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව එතුමා දළදා වහන්සේ වැඳපුදා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි. මහනුවරට ගිය අගමැතිවරයා දළදා මාලිගාව ඉදිරිපිටදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ සහ මහනුවර මහ නගර සභාවේ නගරාධිපති කේසර සේනානායක, විශ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ යන මහත්වරුන් විසින් පිළිගනු ලැබුවා. අනතුරුව එතුමා දළදා වහන්සේ‍ වැඳපුදා ගත්තා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් මගින් රටේ දැවෙන ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීම තම අරමුණ බව, දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසු අගමැතිතුමා ප්‍රකාශ කළා. මෙම අවස්ථාවට අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා ඇතුළු ජනතා නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.

    Latest News