පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීමට යම් පුද්ගලයෙකු කැඳවනු ලබන අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අදාළ චක්රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා අද ශ්රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා.
ඒ මෙම කරුණට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.
මෙහිදී, වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඒ
අනුව අදාළ චක්
රලේඛයේ පිටපතක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වග උත්තරකාර පාර්ශවයට නියම කළ ත්
රිපුද්ගල ශ්
රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම මැයි මස 09 වැනිදා කැඳවීමට ද නියම කළා.