හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ පරීක්ෂණයක්; නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස් (වීඩියෝ)

ජූනි 24, 2019

    පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය වලක්වා ගැනීමට හෝ අවම කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදුකරන්න ලෙස නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.

    අද(24) දින නීතිපති විසින් පොලිස්පතිවරයාට මෙලෙස උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

    ප්‍රහාර සම්බන්ධව පත්කළ විශේෂ පරික්ෂණ මණ්ඩලයේ නිර්දේශ තවදුරටත් නීතිපතිවරයා විසින් සළකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දීම සිදු කර ඇත.

    Last modified on සදුදා, 24 ජූනි 2019 20:09

    Latest News