ප්‍රතිරූපය ගොඩ නඟන්න අච්චු පොතකට පණිවුඩය දැමීමේ අවශ්‍යතාවයක් නැහැ; අමාත්‍ය අකිල (වීඩියෝ)

ජූනි 26, 2019

    පෙළ පොත් මුද්‍රණයේ දී, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමාගේ වර්ණ ඡායාරූපය සහිත නිවේදනය පළ කිරීමට අමතර මුදලක් වැය වූ බවට ගෙන යන ප්‍රචාර මුළුමනින්ම සාවද්‍ය බව, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී අදහස් පළ කළ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...


    “මගේ ප්‍රතිරූපය ගොඩ නඟන්න මට මේ අච්චු පොතකට පණිවුඩය දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ පණිවුඩය සහ ජායාරූපය ප්‍රදර්ශනය වීම කොහොමද ආරම්භ කළේ කියලා. ඒ සම්බන්ධයෙන් වැඩ බලන එහෙම නැත්නම් ආවරණය සහිතව හිටපු ප්‍රකාශන කොමසාරිස්තුමා මට සඳහන් කළා පොත්වලට මීට පෙර අධ්‍යාපන ඇමතිවරයාගේ සහ හිටපු ජනාධිපතිතුමාගේ ඡායාරූප පලවෙලා තියෙනවා. ඒ ඡායාරූප දැමීම පිලිබඳව එතුමා මාත් එක්ක සාකච්ජා කළා. මං එතුමාගෙන් ඒ අවස්ථාවේදී විමසනු ලැබුවා ඒ සඳහා වැඩිපුර මුදලක් වැය වෙනවද කියලා. එතුමා කිව්වා කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ කියලා. රුපියලක්වත් වැය වෙන්නේ නැහැ. මේක ප්‍රශ්නයක් නොවන බව. ඒ සඳහා මට විරෝධතාවක් දක්වන්න උවමනාවක් තිබුණේ නැහැ. ශත පහක්වත් වැඩිපුර වැය වෙන්නේ නැත්නම්, මීට පෙරත් මෙය භාවිතා කරලා තියෙනවනම් ගැටලුවක් නොවන නිසා. මම දැක්කා සමහර පුවත්පත්වල තියෙනවා මම ඉල්ලීමක් කළා කියලා. ඉල්ලීමක් කරන්න අවශ්‍ය නැහැනේ . නියෝගයක්නේ දෙන්න ඕනේ අමාත්‍යවරයා වශයෙන් යැයි“ අමාත්‍යවරයා පැවසීය.

    Last modified on බදාදා, 26 ජූනි 2019 19:16

    Latest News