වයස 12ත්, 17ත් දරුවන්, මත්ද්‍රව්‍යවලට ගොදුරුවීමේ වැඩි අවදානමක්

ජූනි 26, 2019

    වයස අවුරුදු 12ත්, 17ත් අතර වයස් කාණ්ඩයේ දරුවන් මත්ද්‍රව්‍යවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇතැයි, එක්සත් ජාතීන්ගේ පර්යේෂණ වාර්තා පෙන්වා දෙනවා.

    අදට යෙදෙන ලෝක මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිකුත් කෙරුණු ගෝලීය මත්ද්‍රව්‍ය වාර්තාවේ මේ බව සඳහන්. ලොව පුරා මිලියන 275කට ආසන්න පිරිසක් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍යවලට අබ්බැහිවී ඇතැයි, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එම සංඛ්‍යාව සමස්ත ලෝක ජනගහනයෙන් සියයට 5.6ක ප්‍රතිශතයක්. එය වාර්ෂිකව සියයට 6කින් පමණ ඉහළ යන බව ද, වාර්තාවේ සඳහන්. එමගින් ඇතිවන සෞඛ්‍ය ගැටලුවලට අමතරව, සමාජ ආර්ථික ගැටලු රැසක් ද මතුවී තිබේ.

    මෙම තත්වය මඟ හැරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1987 දී සම්මත කරගත් යෝජනාවකට අනුව, සෑම වසරකම ජුනි 26 වැනිදා මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධි ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර එහි තේමාව “යුක්තියට සෞඛ්‍ය හා සෞඛ්‍යයට යුක්තිය“ යන්නයි.

    Latest News