මහජන බැංකුව පෞද්ගලීකරණය කරනවා යැයි පළවන වාර්තා අසත්‍යයි

ජූනි 26, 2019

    මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

    මහජන බැංකුවේ කොටස් විකුණා දැමීමට රජය උත්සහ දරණ බවට ඇතැම් පුවත්පත්වල පළ වූ වාර්තා මහජනතාව නොමග යවන අසත්‍ය මෙන්ම ද්වේශ සහගත ප‍්‍රවෘත්තියක් බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ. අදාළ පුවත සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය මේ බව සඳහන් කළේය.

    නව පනත අනුව, බැංකුව සතු කොටස් එහි සේවකයන්ට සහ තැන්පත්කරුවන්ට වෙත නිකුත් කෙරේ. ඉන් පරිබාහිර කිසිවෙකුට එම කොටස් නිකුත් නොකෙරෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    Latest News