ජනමාධ්‍ය ඇමති ජාතික රූපවාහිනියට එයි (වීඩියෝ)

ජූනි 26, 2019

    රාජ්‍ය ආරක්‍ෂක හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද (26) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පැමිණියේය.

    අමාත්‍යවරයා පිළිගනු ලැබුවේ සංස්ථාවේ කළමණාකාරිත්වය විසින්. අනතුරුව, අමාත්‍යවරයා, සංස්ථා කළමණාකාරිත්වය සහ සේවකයන් සමඟ දීර්ඝ සාකච්ජාවකට එක්වූහ. වත්මන් තත්වය හා ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කෙරිණ. ජනමාධ්‍ය අධීක්‍ෂණ මන්ත්‍රී මුජිබර් රහුමාන්, අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on බදාදා, 26 ජූනි 2019 20:31

    Latest News