දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරයි

ජූනි 26, 2019

    දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබේ.

    ඊට අදාළ ගැසට් නිවේදනයට, අමාත්‍යවරයා අද අත්සන් තැබූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. මේ අතර, විශ්‍රාමික දුම්රිය රියදුරන්, දුම්රිය නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, සංඥා සහ මාර්ග පරීක්‍ෂකවරුන් යළි සක්‍රීය සේවයට එක්කර ගැනීමට නියමිතයි. ඊට අදාළ හමුව, ලබන සිකුරාදා පැවැත්වෙන්නේ, නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී. එය, අමාත්‍ය අර්ජුන රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන්ගේ සෘජු අධීක්‍ෂණයෙන් සිදු කෙරෙනු ඇත. ඒ සඳහා සහභාගි වන්නැයි, අදාළ විශ්‍රාමික නිලධාරීන්ට අමාත්‍යාංශය දැනුම් දෙයි.

    Last modified on බදාදා, 26 ජූනි 2019 20:36

    Latest News