අදත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් දිවයින පුරා (වීඩියෝ)

ජූනි 29, 2019

    ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් දිවයින පුරා ක්‍රියාත්මකයි.

    ඒ ජනාධිපති ලේකම් කාර්යාලය, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය හා එක්වයි. විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද අද (29) පැවැත්විණ. කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමෘද්ධි අංශය මත්ද්‍රව්‍ය විරෝධි පාගමනක් අද උදේ සංවිධාන කර තිබිණ. බෙන්තර ඇලකාක මහ විද්‍යාලය අසලින් තවත් පාගමනක් ආරම්භ විය. ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලය හා ඌරගස්මංහන්දිය පොලිසිය එක්ව මෙය සංවිධාන කර තිබිණ.

    දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාව සංවිධාන කළ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණ. ගිරිඋල්ල ප්‍රජා පොලිස් ඒකකය සංවිධාන කළ පාගමන ගිරිඋල්ල වික්‍රමශිලා මධ්‍ය විද්‍යාලයේ සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. උඩවලව පොලිසිය ද පාගමනක් සංවිධාන කළේය. “මත්ද්‍රව්‍ය අවදානමෙන් දුරස් කොට, මතින් නිදහස් රටක් උදෙසා පෙළ ගැසෙමු“ යන තේමාවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පොළොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේ දී සිදුවිය. උතුරු උතුරු මැද පළාත් සභාව එය සංවිධාන කළේය.

    කැස්බෑව අවට ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වුණේ පිළියන්දල කහපොළ ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේදී.පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලයීය අත්තනගල්ල කාර්යාලය හා ප්‍රාදේශීය සභාව එක්ව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අත්තනගල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

    Last modified on සෙනසුරාදා, 29 ජූනි 2019 19:38

    Latest News