උ.පෙ. සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමට සියලු කටයුතු සූදානම්; අමාත්‍ය අකිල (වීඩියෝ)

ජූනි 29, 2019

    උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමට සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ගල්ගමුව පහළගිරිබාව මහා විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින්. ළඟම පාසල හොඳම පාසල යටතේ පහළ ගිරිබාව මහා විද්‍යාලයේ ඉදි කෙරුණු පරිපාලන ඒකකය, පන්ති කාමර ගොඩනැගිල්ල හා දන්ත ශල්‍යාගාරය අද සිසු අයිතියට පත් කෙරිණ. ඒ, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී අදහස් පළ කළ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා...

    “උසස් පෙළ කරන පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුම විධිවිධාන හදලා තියෙනවා කියලා මම කියන්න කැමතියි. ටැබ් පරිගණක ලබාදෙන වැඩපිළිවෙළ අපේ රටේ දරුවන්ට අනාගතයට තාක්‍ෂණයත් සමඟ ලෝකයත් එක්ක කටයුතු කරන්න ලැබෙන අවස්ථාවක්. අපි පළමු අදියර ලබාදෙන්නේ මේ රටේ තියෙන ජාතික පාසල්වල ඉන්න උසස් පෙළ කරන දරුවන්ටත්, ගුරුවරුන්ටත් ටැබ් පරිගණක ලක්‍ෂයකට කිට්ටු වෙන්න අපි ලබාදෙනවා. දෙවන අදියරේ මාස කිහිපයකින් පස්සේ අපේ රටේ සියලුම පාසල්වල උසස් පෙළ කරන දරුවන්ට මේ ටැබ් පරිගණක ලබාදෙනවා ගුරුවරුන්ටත් සහිතව. නව තාක්‍ෂණය, නව ලෝකයට යාමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කරන්න සූදානම් වෙනවා“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 29 ජූනි 2019 19:40

    Latest News