හෙට ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණයක්

ජූනි 29, 2019

    හෙට, පොළොන්නරුව, මඩකලපුව අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සබරගමුව පළාතේ ඇතිවිය හැකි සිහින් වැසි හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණය තවදුරටත් පවතී. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News