මධූෂ් සඟවා තැබූ ටී-56ක් පෙන්වයි

ජූනි 29, 2019

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන මාකඳුරේ මධූෂ් රැගෙන ගොස් සිදු කළ සෝදිසියක දී ටී-56 වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන තිබේ.

    මෙහෙයුම සිදු කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. ගිනි අවිය සොයා ගැනුණේ, මීගමුව, අක්කර 50වත්ත, දලුපොත ඇලේ සඟවා තිබියදී. උණ්ඩ රහිත හිස් ටී-56 මැගසිනයක් ද එහි තිබී හමුවී තිබේ. තමාට අවශ්‍ය මොහොතක ප්‍රයෝජනයට ගැනීම සඳහා මෙම ගිනි අවිය සඟවා තැබූ බවයි, මාකඳුරේ මධූෂ් ප්‍රකාශ කර ඇත්තේ. අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇත.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය මැයි 05 වැනිදා ඩුබායි සිට දිවයිනට රැගෙන ආ මධූෂ්, ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට පත්විය. ප්‍රශ්න කිරීම සඳහා ඔහු මේ වනවිටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන තිබේ.

    Last modified on සෙනසුරාදා, 29 ජූනි 2019 19:35

    Latest News