එහි ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා අවධාරණය කරන්නේ, ඉතිරිව ඇති 10%ක් පමණ වූ කොරල්පර ආරක්‍ෂා කිරීම හා සංරක්‍ෂණයට කඩිනම් පියවර ගත යුතු බවයි. ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් බැවින් කොරල්පර වර්ධනයට හිතකර පසුබිමක් අපේ මුහුදු තීරයේ පවතී. පැරණිතම කොරල්පර පිහිටා ඇත්තේ නිරිත දිග වෙරළ ආශ්‍රිතව. ඒවා අවුරුදු 6000 කටත් වඩා පැරණි බවයි සාගර විද්‍යාඥයින් විශ්වාස කරන්නේ. මෙරට වැඩිම කොරල්පර ප්‍රමාණයක් දැකිය හැක්කේ, උතුරු නැගෙනහිර වෙරළ තීරයේයි. කල්මුණේ කල්කුඩා ප්‍රදේශවල ප්‍රධාන කොරල්පර 2ක් ද නිලාවේලී, තිරුක්කෝවිල් හා කුච්චවේලි ආශ්‍රිතව කුඩා කොරල්පර පිහිටා තිබේ.
උතුරින් පේදුරුතුඩුව, ඩෙල්ෆ් වෙරළ හා යාපනය අවට දූපත්වටාත්, වයඹින් සිලාවතුර කල්පිටිය කන්දකුලිය ප්‍ර දේශවල ද කොරල්පර කිහිපයක් පවතී. දකුණු දිගින් අම්බලන්ගොඩ, මාතර අතර වෙළෙ තීරයේ ද කොරල්පර දැකිය හැකියි. දකුණු දිගින් අම්බලන්ගොඩ, මාතර අතර වෙරළ තීරයේ ද කොරල්පර පිහිටා ඇති අතර, ඉන් ගාල්ල රූමස්සල බොනවිස්ටා කොරල්පරය දේශීය හා විදේශීයව ප්‍රචලිතයි. මෙරට කොරල්පරවලින් 90%ක් පමණ මියගොස් තිබේ. ඉතිරිව ඇත්තේ 10%ක් පමණ ප්‍රමාණයක්.
සමුද්‍ර ඛාදනය වැළැක්වීමේ බාධකයක් මෙන්ම වෙරළට ස්වභාවික ආරක්‍ෂාව සපයන ආරක්‍ෂිත බැම්මක් ලෙස කොරල්පර ඉතා වැදගත්. මුහුදු ජීවින්ට ප්‍රජනනය, ආහාර ලබාදීම හා ආරක්‍ෂාව සැලසීමට ද වැදගත් මෙහෙයක් ඉන් ඉටුවේ. විදේශ සංචාරකයින්ට ද විනෝදාස්වාදය ලබාදීමේ ප්‍රබල මාධ්‍යයක්. ජලජ ජීවි සමීක්‍ෂණය කරන පර්යේෂකයින්ට, සාගර ජීව විද්‍යාඥයින්ට කොරල්පර සුවිසල් ජීව විද්‍යාත්මක ගබඩාවක්. එබැවින් මෙරට සුන්දරත්වය සුරකින කොරල්පර රැක ගැනීමට ක්‍රියා කිරීම අත්‍යවශ්‍යවේ.