නිරෝධායනයට ලක්වූ තවත් පුද්ගලයින් 201 දෙනෙකු කන්දකාඩු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවලින් අද (25) මුදා හරිනු ලැබිණි.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියෙක් කොරෝනා වෛරසයට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාව ප්‍රතික්ෂේප කරන බව ඉතාලියේ රෝම තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති සිසිර සෙනෙවිරත්න මහතා පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට දෙවන රෝගීයා සම්පූර්ණ සුවය ලබා IDH රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තාවේ.

පුද්ගලයන් හට නිවසේ සිට COVID-19 සඳහා ස්වයං පරීක්ෂාවකට එක්විය හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට අමෙරිකාව සමත්ව තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ බොහෝ කඩසාප්පු වසා ඇති මොහොතක පාපැදි මගින් පාඨකයන් වෙත පොත් බෙදා දීමේ පුවතක් එරටින් වාර්තාවේ.

COVID-19 වසංගතයට එරෙහිව චීනය විසින් පෝලන්ත රජයට සහ ජනතාවට සහය ලබාදෙන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මුඛ ආවරණ නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ කොරියානු ජාතිකයන් දස දෙනෙකු සමාජ ගත කර තිබේ.

COVID-19 රෝගයට ගොදුරු වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 102 දක්වා ඉහළ ගොස් තිබේ.

COVID-19 වෛරසයේ ව්‍යාප්තිය මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින පුරා තවදුරටත් විෂබීජානුහරණ වැඩසටහන් ක්‍රියාත්මකයි.

Latest News