කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ ඉතාලියයි. 

කොරෝනා වෛරසය මැඩලීම සඳහා රජය දරන උත්සහයට උපරිම සහය ලබාදීම සෑම පාර්ශවයකගේම වගකීමක් බව, හිටපු කථානායක කරූ ජයසුරීය මහතා පවසයි.

සිංගප්පූරුවේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ පළමු මරණය අද වාර්තා විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කොළඹ බෝවන රෝග විද්‍යායතන පරිශ්‍රයේ රෝගීන් සඳහා නව වාට්ටු සංකීර්ණයක ඉදිකිරීම් ආරම්භ කර තිබේ.

කොරෝනා වෛරසය මැඩලීමට අදාළ ප්‍රතිකාර ශක්තිමත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හා ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ඊයේ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කළේය. වටිනාකම රුපියල් කෝටි 11කට ආසන්නයි.

කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීම සඳහා ලොවපුරා විද්‍යාඥයින් හා සෞඛ්‍ය අංශ පරික්ෂණ රැසක නිරතව සිටියි. බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පවසන්නේ, වෛරසයට එරෙහි සාර්ථක එන්නතක් ලබාදීම සඳහා වසරක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

ගත වු පැය 24ක කාලය තුළ පමණක් ඉතාලියෙන් මරණ 627ක් වාර්තාවී තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් කිසියම් රටක එක්දිනක් තුළ සිදුවු වැඩිම මරණ සංඛ්‍යාව මෙය වීම විශේෂත්වයක්. මේ වන විට ඉතාලියේ මිය ගිය සංඛ්‍යාව 4,032ක්.

"කොවිඩ් 19" හෙවත් කොරෝනා වෛරසය ආසාදිත වීමෙන් මේ වන විට ලොවපුරා මරණ 11,383ක් වාර්තා වී තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව 275,000 ඉක්මවා ගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආරම්භ වූ චීනය රෝගය මර්දනය කිරීම සම්බන්ධයෙන් ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන තිබේ. පසුගිය පැය 24ක කාලය තුළ ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සියලුදෙනා විදෙස් රටවල සිට පැමිණි අය බවයි, වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත බවට හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසයි.

Latest News