සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

COVID-19 ලොව බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිර යන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

COVID-19 වෛරසයේ ව්‍යාප්තිය සමඟ වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය විසින් නිකුත් කර ඇත.

කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 101 ක් දෙනෙක් මේ වන විට මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

චීනයෙන් දිනක් තුළ නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 78 දෙනෙකු වාර්තා වී තිබේ.

කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

වැඩිහිටි නිවාසයක අත්හැර ගොස් සිටි කොරෝනා වෛරස රෝගීන් රැසක් පිළිබඳ පුවතක් ස්පාඤ්ඤයෙන් වාර්තාවේ.

COVID-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා බ්‍රසීලය නව රෝහලක් ඉදිකිරීම ආරම්භ කර තිබේ.

විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු 311 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම අද (24) එම මධ්‍යස්ථානවලින් පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ.

එළවළු, පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත් පරිදි ලැබී ඇති බව වෙළඳුන් ප්‍රකාශ කරයි.

Latest News