කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් ඉකුත් පැය 24 තුළ ඉතාලියේ පුද්ගලයින් 475 දෙනෙකු මියගොස් තිබේ.

දඹදිව වන්දනා ගමන්වල යෙදුනු පුද්ගලයන් මෙරටට ගෙන්වා ගැනීමට රජය ගත් ක්‍රියාමාර්ගයට දඹදිව ගමන් සංවිධායකයින් සිය ප්‍රශංසාව පළ කර තිබේ.

නව කෙරෝනා හෙවත් ‘‘කොවිඩ් - 19’ වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ලෝකය තුළ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 7,984ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් හඳුනාගත් කොරෝනා රෝගීන් අතර වයස අවුරුද්දයි මාස 5ක ළදරුවෙකු ද සිටින බව, සෞඛ්‍ය අංශ පවසයි.

යම් පුද්ගලයෙකු කොරෝනා වෛරසයේ ලක්‍ෂණ පෙන්වන්නේ නම්, රජය නම් කළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත පමණක් යොමුවන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකාව තුළ COVID-19 අසාදිතයන් ගණන 43 දක්වා ඉහළ ගොස් ඇති බව කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

පසුගිය මාර්තු මස 01වනදා සිට 10වනදා දක්වා කාල සීමාවේදී දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 548 දෙනෙක් මේ වන විට පොලිස් හදිසි දුරකථන අංකය ඔස්සේ ලියාපදිංචිවී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

කොරෝනා මර්දනයට අවශ්‍ය තවත් කඩිනම් පියවර කිහිපයක් පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කෙරේ.

Latest News