අමෙරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය හෙවත්, CIA ආයතනය ශීත යුද සමයේ ඔත්තු සේවා සඳහා පරවියන් යොදා ගැනීම පිළිබඳ තොරතුරු හෙළිකර තිබේ.

බහමාස් රාජ්‍යය යළි සුළි කුණාටුවකට ගොදුරුවීමේ අවදානමක් ඇතැයි, කාලගුණ අංශ පෙන්වා දෙයි.

අභාවප්‍රාප්ත, සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හරාරේ අගනුවරදී අද පැවැත්වේ.

සවුදි අරාබි රජයට අයත්, තෙල් සැපයුම් මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ.

ලොව දැනට භාවිත කෙරෙන එස්.එෆ්-6 නමැති වායුව මගින් දේශගුණික විපර්යාස හා පාරිසරික හානි සිදුවන බව හඳුනාගෙන තිබේ.

ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා බ්‍රිතාන්‍යය හදිසි තත්ත්වයට මුහුණ දීමේ සැලස්මක් නිකුත් කරයි.

ජායිෂ් ඊ මුහම්මද් ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

චීනය විසින් නවතම චන්ද්‍රිකා තුනක් ඊයේ කක්‍ෂගත කරනු ලැබීය.

මැලේරියාව සඳහා ලොව ප්‍රථම වරට එන්නතක් හඳුන්වා දී තිබේ.

ඩෝරියන් සුළි කුණාටුවෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 1,300ක් බව, බහමාස් බලධාරීහු පවසති.

මෙම වසරේ මුල් මාස 8 තුළ චීනය භාවිත කළ විදේශ ආයෝජන වටිනාකම යුවාන් බිලියන 604ක් බව චීන වාණිජ අමාත්‍යංශය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල දැක්වේ.

අමෙරිකාව චීනයෙන් ආනයනය කරන භාණ්ඩ වලට අතිරේක වශයෙන් රේගු බදු පැනවීම ක්‍රියාත්මක කිරීම කල් දැමීම චීනය පිළිගන්නා බව, චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශක ගාඕ ෆෙන් මහතා ප්‍රකාශ කරයි.

අමෙරිකාව පිළිබඳ ඔත්තු බැලූ බවට පළවන වාර්තා ඊශ‍්‍රායලය තරයේ ප‍්‍රතික්ෂේප කර සිටී.

ජල වාශ්ප සහිත පරිසරයකින් යුත් ග්‍රහලෝකයක් හඳුනා ගැනීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් ප්‍රථම වරට සමත්ව තිබේ.

අමෙරිකාවේ, භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගිනිගෙන විනාශ වී තිබේ. ගින්නට හේතුව හෝ ගින්නෙන් තුවාල ලැබූවන් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

ජම්බු හා කාශ්මීර ප්‍රදේශයට පනවා තිබූ සිමා ක්‍රමයෙන් ඉවත් කරන බව, ඉන්දියාව පවසයි.

ජපානයේ ටෝකියෝ නුවර ආසන්නයට 'ෆැක්සායි' සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබේ. එම ප්‍රදේශයට සුළි කුණාටුව හේතුවෙන් අධික වර්ෂාපතනයත් සමඟ පැයට කිලෝමීටර් 210ක සුළං තත්ත්වයක් ද ඇතිව තිබෙන බව සදහන් වේ.

කාශ්මීරයේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවීමට ප්‍රදේශ බලධාරීන් කටයුතු කර තිබේ. ඒ පෙරහැරකට සහභාගී වූ ෂියා මුස්ලිම්වරුන් හා ආරක‍ෂක අංශ අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඩෝරියන් සුළි කුණාටුව කැනඩාවට ඇතුළු වී තිබේ.

බ්‍රිතාන්‍ය අගමැතිවරයාට එරෙහිව නඩු පැවරීමට එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම්වේ .

Latest News