අමෙරිකා එක්සත් ජනපදයේ සමූහ වෙඩි තැබීම සිදුවූ ප්‍රාන්තයන්හි සංචාරයක නිරතවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

ඉන්දීය හිටපු විදේශ කටයුතු අමාත්‍ය සහ ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සුෂ්මා ස්වරාජ් අභාවප‍්‍රාප්ත වී තිබේ.

එල්ටීටීඊ සංවිධානයේ ළමා සොල්දාදුවෙකුව සිටි ගනේෂමූර්ති ත්‍යාගරාජා නමැති පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේ බිහිසුණු පුද්ගල ඝාතනයකට වරදකරු වී තිබේ.

වර්ගවාදය පතුරුවන හා වෛරී ප්‍රකාශන සිදුකරන දේශපාලන නායකයන් ප්‍රතික්ෂේප කරන ලෙස, අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ජනතාවගෙන් ඉල්ලා සිටී.

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලා තිබේ. දකුණු කොරියාව පවසන්නේ පසුගිය සති දෙක තුළ ඔවුන් මිසයිල 4ක් අත්හදා බලා ඇති බවයි.

ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තයට විශේෂ බලතල හිමිවූ වගන්ති ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමේ යෝජනා ඉන්දීය රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඉරානය ගල්ෆ් කලාපය තුළ තවත් විදේශ තෙල් නෞකාවක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ නෞකාව අරාබි රටවල් සඳහා ඉන්ධන ජාවාරමේ යෙදුනු නෞකාවක් බවයි, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකා ප්‍රධානිය සඳහන් කළේ.

ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා පමණක් ටොන් බිලියන 12.5ක් දියවී ඇතැයි, නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

අමෙරිකාවේ ඔහැඔ ප්‍රාන්තයේ ඩෙයිටෝන් ප්‍රදේශයක සිදුවූ වෙඩි තැබීමකින් 09 දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ හි පිහිටි සුප්‍රසිද්ධ "වොල්මාර්ට්" සාප්පු සංකිර්ණයේදි තුවක්කුකරුවෙක් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තවත් 22 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාව ප්‍රකාශ කළ ‘මැදි දුර න්‍යෂ්ටික අවි ගිවිසුමෙන්’ ඉවත්වීමේ කාලසීමාව පැමිණීමත් සමගම ගෝලීය සුරක්ෂිතතාවට ඉමහත් වැදගත් වන එම ගිවිසුම නිල වශයෙන් අවලංගු විය.

මැදි දුර න්‍යෂ්ටික අවි ගිවිසුම යනු මැදි දුර හා මැදි - කෙටි දුර මිසයිල තුරන් කිරීම පිළිබඳ සෝවියට් සමූහාණ්ඩුවේ සහ අමෙරිකා ගිවිසුමය.

වසර 1987 අත්සන් කෙරුණු එම ගිවිසුම සීත යුධ කාලය තුළදී අත්සන් කළ සාර්ථකම නිරායුධකරණ ගිවිසුමකි. 

අමෙරිකා - සෝවියට් සමූහාණ්ඩු හා අමෙරිකා - රුසියානු උපක්‍රමීය සමබරතාව සම්බන්ධීකරණයට ද එදිරිවාදිකම් අවම කරමින් න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමට ද එය ඉමහත් සක්‍රීය කාර්යයක් ඉටු කර ඇත.

අමෙරිකාව මැදි දුර න්‍යෂ්ටික අවි ගිවිසුමෙන් ඉවත්වීමෙන් ගෝලීය ආරක්ෂක අවදානම ඉහළ නැංවෙන බව විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දේ.

 

යේමනයේ ඒඩ්න් නගරයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

තායිලන්තයේ බැංකොක් නුවර ස්ථාන 06ක බෝම්බ පිපිරීම් මාලාවක් සිදුව තිබේ.

නෙදර්ලන්තයේ පොදු ස්ථානවල බුර්කාව සහ නිකාබය පැලඳ සිටීම තහනම් කරමින් ඉකුත් වර්ෂයේ ජුනි මාසයේදී ගෙන ආ නීතිය ඊයේ (01) සිට ක්‍රියාත්මක කර තිබේ.

අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ මහාමාර්ගයකට ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වා ඇති බව වාර්තා වේ.

චීන ගම්මානයන්හී ජීවත් වන ජනතාව මේ වනවිට සියයට 98 කට වඩා අන්තර්ජාලය භාවිත කරන බව වාර්තා වේ.

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලා තිබේ. පසුගිය දින අටක කාලය තුළ ඔවුන් අත්හදා බැලූ තුන්වන මිසයිලය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රුසියාවේ දකුණු දිග සයිබීරියානු කලාපයට ගංවතුරින් දැඩි බලපෑම් එල්ලවී තිබේ.

ඉරාන විදේශ අමාත්‍ය Mohammad Javad Zarif ට එ‍රෙහිව සම්බාධක පනවන බව අමෙරිකානු රජය ප්‍රකාශය කරයි.

අමෙරිකාවේ “කැපිටල් වන්“ මූල්‍ය සේවා සමාගමේ ගණුදෙනුකරුවන් මිලියන 106කගේ පෞද්ගලික දත්ත හැකර් ප්‍රහාරයක් මගින් සොරා ගෙන තිබේ.

Latest News