කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා යකඩ කම්බි තොගයක් රැගෙන ධාවනය වූ මෙම ලොරිය කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරාගේ පාලනයෙන් මිදීගොස් තිබේ. ලොරිය ඉවත් කිරීමට දොඹකර තුනක සහය ලබාගැනීමට සිදුවිය. මේ නිසා මෙම මාර්ගයේ ගමන් කළ ජනතාව හා දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවට පත්වූහ.