ප්‍රදේශ රැසක වැසි වාර කිහිපයක්...

ජූලි 17, 2022

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

    Latest News