206 සහ 207 ආදර්ශ ගම්මාන ජනතා අයිතියට (වීඩියෝ)

ජූනි 24, 2019

    සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදි කෙරුණු 206 සහ 207 වැනි ආදර්ශ ගම්මාන අද ජනතා අයිතියට පත් කෙරිණ.

    ඒ, පුත්තලම, මනතිව් ප්‍රදේශයේ ඉදිකළ අයියනාර්පුරම් සහ වනාතවිල්ලුව බැරිස්ටර් නෙයිනමරික්කාර්ගම උදා ගම්මානයයි. නිවාස 44කින් යුත් ගම්මාන දෙකට වැය කෙරුණු මුදල රුපියල් ලක්‍ෂ 504ක්. ගම්මාන අද ජනතා අයිතියට පත් කෙරුණේ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින්. මීට සමගාමීව, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ණය හා ආධාර ප්‍රදානය ඇතුළු සමාජ සුබසාධන කටයුතු රැසක් ද සිදු කෙරිණ. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා.....

    “පාලකයෝ සහ පත්වන ප්‍රධානීන් දැනගන්න ඕනේ අපි පොදු ජනතාවගේ සේවකයෝ කියන කාරණය. ජනතාව පත්කළායින් පස්සේ ජනතාවගේ සේවකයෝ වෙනුවට එක්තරා කොට්ඨාසයක් හැසිරෙනවා රටේ අයිතිකාරයෝ හැටියට. රටේ උරුමය හැටියට. අවසානයේ ජනතා අයිතිය කරුමයක් බවට පත්වෙනවා. ජනතාවගේ යුතුකමක් තියෙනවා සේවකයා හැටියට පත්කරපු පුද්ගලයා අයිතිකරු හැටියට හැසිරෙන කොට ජනතා තීන්දුවක් ගන්නවා.“ යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

    Last modified on සදුදා, 24 ජූනි 2019 20:08

    Latest News