යුරෝපා කොමිසමේ සභාපති තනතුරට ජර්මනියේ උර්සුලා වොන් ඩර් ලේන් තේරී පත්වී තිබේ. එහි මන්ත්‍රීවරුන් අතර පැවති රහස් ඡන්දයකින් අනතුරුවයි, ඇය මෙසේ තේරී පත්වී තිබෙන්නේ.

අද මධ්‍යම රාත්‍රියට ආසන්නව අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව, අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

බ්‍රිතාන්‍යයේ නව පවුම් පනහේ මුදල් නෝට්ටු සඳහා ගණිතඥයෙකු සහ පරිගණක විද්‍යාවේ මූලිකයෙකු වන ඇලන් ටූරින්ගේ රුව යොදා ගැනීමට එංගලන්ත මහ බැංකුව තීරණය කර තිබේ.

නේපාලයේ, ඉන්දියාවේ සහ බංගලාදේශයේ ගංවතුරෙන් මියගිය පිරිස 55 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 සඳ තරන රොකට්ටුව ගුවන්ගත කිරීම කල්දමා තිබේ.

මෝසම් වැසි සමඟ ඇතිවූ ගංවතුර සහ නායයාම්වලින් දකුණු ආසියාවේ 50කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර උමං දුම්රිය පද්ධතිය අද අළුයම මුළුමනින්ම අඩපණ විය.

පිලිපීනයේ සිදුවූ භූකම්පනයකින් 51 දෙනෙකු තුවාල ලබා තිබේ.

දකුණු සෝමාලියාවේ වරාය නගරයක සංචාරක හෝටලයකට එල්ලවූ ප්‍රහාරයකින් 26 දෙනෙකු මරණයට පත්වූහ.

ෆේස්බුක් සමාගමට අමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසම විසින් ඩොලර් බිලියන 5ක දඩ මුදලක් පනවා ඇති බව, අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

කැනඩා ගුවන් සේවයට අයත් යානයක් පීඩන අවපාතයකට හසුවීමෙන් 35 දෙනෙකු තුවාල ලබා තිබේ.

ගල්ෆ් මුහුදු සීමාවේ යාත්‍රා කරන බිතාන්‍ය නෞකාවලට එරට රජය අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.

තම යුද ගුවන් යානාවලට ඉරානය ඇතුළු මැද පෙරදිග කලාපයේ ඕනෑම රටකට පහරදිය හැකි බව, ඊශ්‍රායලය පවසයි. ඕනෑම අවස්ථාවක දී ප්‍රහාරයකට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට තම හමුදාවන් සූදානම් බවයි, ඔවුන් පවසන්නේ.

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ පිහිටි ජායිපූර් නගරය යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ඉන්දියාවේ චෙන්නායි නගරයේ ජල අර්බුදය තවමත් උග්‍රවී තිබේ. දිගින් දිගටම වර්ෂාව රහිතවීම ඊට හේතුවයි.

තමිල්නාඩුවේ මරුමලර්ච්වි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් හෙවත් එම්.ඩී.එම්.කේ. පක්‍ෂයේ නායක වයිකෝට වසරක සිර දඬුවම් ලබාදී තිබේ.

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට නැවතත් රික්ටර් පරිමාණ ඒකක 7.1ක ප්‍රභල භූ කම්පනයක් ඇතිවී තිබේ.

මැතිවරණයක් පැවැත්වෙන තෙක් බල බෙදා ගැනීම සඳහා සුඩාන හමුදා නායකයින් සහ විපක්ෂ ක්‍රියාකාරීන් ගිවිසුමකට එළඹිණ.

පුරාණ මෙසපොතේමියානු බැබිලෝන් නගරය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙකු ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් සිය අවසන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඊයේ (04) සහභාගි විය.

Latest News