දික්වැල්ලේ හොර ඩීසල් හලට සීල් (ජායාරූප)

පෙබ 02, 2019

    දික්වැල්ල, නිල්වැල්ල උඩවෙල ප්‍රදේශයේ නිවසක කාලයක සිට පවත්වාගෙන ගිය මහාපරිමාණ ඩිසල් ගබඩාවක් සමඟ ඉන්ධන අළෙවි හලක්, තංගල්ල කොට්ඨාස දිසා විෂමත් ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

    බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය ඉන්ධන අළෙවිහලේ හා එහි ගබඩාවේ තිබී ඩීසල් ලීටර් 50000 ක් සොයාගෙන ඇත.

    විශාල බැරල්තුල හා බවුසර් තුල ඩිසල් ඉන්ධන තොගය ගබඩා කර තිබූ අතර එම ඩිසල් ගෙන ඒමට මෙන්ම විකිණීම සදහා ප්‍රවාහණයට භාවිතා කළ ලොරි රථ 06 ක් හමුවි තිබේ. මේ අතර ඉන්ධන අළෙවි හලේ හිමිකරුවන්, නිවෙස් හිමියා, ඩිසල් ටැංකි සදහා පිරවීමට යොදාගත් මෝටර් 03 ක් සහ බට තොගයක් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    මෙම නීති විරෝධී ඉන්ධන හල වසර 10ට වැඩි කාලයක් පවත්වා ගෙන ගොස් තිිබේ.

    මෙම නීති විරෝධී ඉන්ධන අළෙවි හළට අයතා ක්‍රම මගින් ඉන්ධන ලැබී ඇති බවත් ධීවර යාත්‍රා සදහා ඉන්ධන ලබා දෙන ස්ථානයක් බවට පොලීසිය හදුනා ගෙන ඇත. අත්අඩංන්ගුවට ගත ඩිසල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධික බව පොලිසිය පවසයි.

    diesal1 px 900 19 02 02

    diesal2 px 900 19 02 02

    Latest News