විපක්‍ෂ නායක-ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදා ගනී

පෙබ 02, 2019

    විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අද මහනුවර ගොස් ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබාගත්තේය.

    අද උදේ මහනුවරට පැමිණි විපක්‍ෂ නායකවරයා ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු, මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. ඒ මල්වතු මහා විහාරයේ දී.

    අනතුරුව, විපක්‍ෂ නායකවරයා ගියේ, අස්ගිරි මහ විහාරයටයි. අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් රාජපක්‍ෂ මහතා උන් වහන්සේ සමඟ සුහද පිළිසඳරක නිරත විය.

    Latest News