අගමැති සහ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් අතර හමුවක්...

සැප් 02, 2022

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් අතර හමුවක් පසුගියදා සිදු වුණා.

    ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී. මෙතෙක් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ ඩොලර් කෝටි 4 ක ආධාරවලට අමතරව, තවත් ඩොලර් කෝටි 2  ක ආහාර ආධාර ලබා දීමට, ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයන් එහිදී කැමැත්ත පළ කළා. ගැබිණි සහ කිරිදෙන මව්වරුන්, දරුවන් වෙනුවෙන් පෝෂදායී ආහාර සැපයීම සඳහා අමතර අනුග්‍රහයක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමකට ලෝක ආහාර වැඩසටහනේ එකඟතාව පළ වුණා.

    රටක සංවර්ධනය සඳහා සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා දිවයිනේ ගෘහාශ්‍රිත කර්මාන්ත සහ කුඩා පරිමාණ ධීවර කර්මාන්ත දියුණු කිරීමේ හැකියාව ද සොයා බලන ලෙස වැඩිදු‍රටත් ඉල්ලා සිටියා. මෙම අවස්ථාවට ලෝක  ආහාර වැඩසටහනේ ආසියානු හා පැසිපික් කලාපීය අධ්‍යක්ෂ ජෝන් අයිලීෆ්, එහි නියෝජිතයන් වන අ‍බ්දුර් රහීම් සිද්ධික්, මුස්තාෆා නිහ්මත්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන් එක්ව සිටියා.

    Latest News