රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගැනීමේදී සිදුවන ප්‍රමාද වළක්වා ගැනීමට පියවර...

සැප් 02, 2022

    රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගැනීමේදී සිදුවන ප්‍රමාද වළක්වා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව, අදාල ඉල්ලුම් පත්‍ර යොමු කිරීමේදී දුරකථන හා වට්ස්ඇප් අංක සහ විද්‍යුත් ලිපිනය ද සඳහන් කරන ලෙසයි, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.‍  ඉල්ලුම් කරන ලද තොරතුරු ලිපි මගින් යැවීමේදී ඇතිවන ප්‍රමාදය වළක්වා ගැනීම එහි ප්‍රධාන අරමුණයි. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර,  ජනාධිපති කාර්යාලයේ අද (02) පැවති සාකච්ඡාවකදී එම කරුණු අනාවරණය වුණා.

    ජනාධිපති ලේකම්වරයා එහිදී කියා සිටියේ, ජනතාවගේ පහසුව වෙනුවෙන් සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම ප්‍රමුඛ වගකීම වන බවයි. එබැවින් කිසිඳු පුද්ගලයෙකු අපහසුතාව ලක් නොකොට කාර්යක්ෂම සේවාවක් සැපයීමේ වැඩපිළිවෙලක් ඇති කිරීම අනිවාර්ය බවද ඔහු කියා සිටියා. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තොරතුරු ඉල්ලා සිටීමේදී ද මෙම පියවර අනුගමනය කළ යුතු වනවා.  

    එහි තොරතුරු නිලධාරියා ලෙස 2019 වසරේ සිට කටයුතු කරන්නේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සිසිර හේනාධීර මහතායි. ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා නම් කළ නිලධාරියා ලෙස කටයුතු කරනවා.

    සිසිර හේනාධීර මහතා 0718-132 590/ 0112-354 329/ 0112-354 354 යන දුරකථන අංක ඔස්සේත්,

    සුලක්ෂණ ජයවර්ධන මහතා ,  0719 - 994 133/ 0711 - 992 354/ 0112-354 329/ 0112-354 354 යන දුරකථන අංක ඔස්සේත්,

    This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනය ඔස්සේත් සම්බන්ධ කරගත හැකියි.

    Latest News