අධිකරණ මාධ්‍ය වේදින්ගේ සිසු සත්කාරය

මාර් 26, 2019

    ගලෙන්බිඳුනුවැව මහාගස්වැව මහා විද්‍යාලයේ පැවති ජල ගැටළුවට ස්ථීර විසදුමක් සලසමින් ශ්‍රී ලංකා අධිකරණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතිය සිසු අයිතියට පැවරිණ.

    සිසුන් 650ක් පමණ අධ්‍යාපනය ලබන මහාගස්වැව මහා විද්‍යාලයේ ජල ගැටළුව දිර්ග කලක් පටන් පැවතිණ. අඩි එකසිය විස්සක් පමණ ගැඹුරකින් නළ ළිඳක් මගින් ජලය සපයනු සපයාදීම සිදුකර ඇත.

    ඒ තුළින් ජුනි මාසයේ සිට නොවැම්බර් දක්වා පවතින උග්‍ර ජල අර්බුදයට ස්ථිර විසඳුමක් සැලසේ. මේ සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් ශ්‍රී ලංකා අධිකරණ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් වැය කර තිබේ.

    මෙම ජල ව්‍යාපෘතියෙන් පිරිසුදු පානීය ජලය පාසලේ සිසුන්ට හා ගුරුවරුන්ට භාවිතයට ගැනීමට හැකිවීමෙන් ප්‍රදේශයේ පවතින වකුගඩු රෝගී තත්ත්වයට පිළියමක් වේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නිතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය පිරිනමා ඇත.

    Latest News