නිවුන් දරුවන්ගේ සුහද හමුව

පෙබ 02, 2019

    නිවුන් පාසල් දරු-දැරියන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සුහද හමුවක් කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ දී ඊයේ පැවැත්විණ.

    එය සංවිධාන කරන ලද්දේ ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය සහ එහි මවු ආයතනය වන පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසිනි. පාසල් නිවුන් දරු-දැරියන් වෙනුවෙන් රචනා, චිත්‍ර, විවාද තරග ඇතුළු වැඩසටහන් ගණනාවක් සංවිධාන කර තිබිණි.

    විනෝදාත්මක හා අභියෝගාත්මක වැඩසටහන් කිහිපයක් ද ඊට ඇතුළත් විය. පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ඉදිරි ව්‍යාපෘති පිළිබඳව නිවුන් දරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැනුවත් කිරීම හා දරුවන් වෙනුවෙන් සේවා සපයන මහජන කණ්ඩායම් අදාළ ව්‍යාපෘතිවල ගෞරවනීය පාර්ශ්වකරුවන් බවට පත් කිරීමේ ඇති වැදගත්කම තහවුරු කිරීම සුහද හමුවේ අරමුණ විය.

    ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය අතුල සුමතිපාල, ආරක්‍ෂක විද්‍යාලයේ විදුහල්පති දම්මිකා ජයනෙත්ති යන මහත්ම/මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    Latest News