යහපාලන රජය ජනතාව වෙනුවෙන් දියත් කළ ව්‍යාපෘතියක්

පෙබ 24, 2019

    ඉන්දියානු රජයේ සහ ශ්‍රි ලංකා රජයේ ප්‍රතිපාදන යටතේ බගවන්තලාව ප්‍රදේශයේ ඉදි වු වතු නිවාස 155 ක ගම්මානයක් අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (24) වතු කම්කරු අයිතියට පත් කරනු ලැබීය.

    බගවන්තලාව වැවිලි සමාගමට අයත් බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ ඉදි වු වතු නිවාස 155 කින් සමන්විත එම නිවාස යෝජනා ක්‍රමය කම්කරු ජාතික පෙරමුණේ සහ ජාතික කම්කරු සංගමයේ නිර්මාතෘ දිවංගත වි.කේ. වෙල්ලෙන්පුරම් මහතා සිහි කිරිම සදහා වි.කේ. වෙල්ලෙන්පුරම් ගම්මානය වශයෙන් නම් කර තිබේ.

    ඉන්දියානු රජයේ රු ලක්ෂ 10 ක ප්‍රතිපාදන කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ රු. ලක්ෂ දෙකක් එක් නිවාසයක් සදහා වැය කර ඇති අතර මෙම නිවාස යෝජනා ක්‍රමය සදහා රු. මිලියන 175 ක ප්‍රතිපාදන වැය කර ඇත. පර්චස් 7 ක ඉඩමක තනි නිවාස වශයෙන් ඉදි වු මෙම සැම නිවසක්ම විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක් සහ සනිපාරක්‍ෂ පද්ධතියක්, මාවත් විදුලිය සහ පානිය ජලයෙන්ද සමන්විත වන අතර ඇතැම් නිවාස එහි පදිංචිකරුවන් ද ප්‍රතිපාදන වැය කරමින් ප්‍රතිසංස්කරණය කරගෙන ඇත.

    වත්මන් රජය යටතේ හරිත ගම්මාන සංකල්පය මත වතු කම්කරුවන් සදහා ඉදිවන මෙම සැම නිවසකටම හිමිකම් ඔප්පුවක්ද ලබා දෙනු ඇත. අග්‍රමාත්‍යවරයා සහ ඉන්දියානු ශ්‍රි ලංකා මහ කොමසාරිස් ශ්‍රි තරංජිත් සින් සන්ධු මහතා විසින් ඉදි කල නිවාස වතු කම්කරු අයිතියට පත් කිරිමේ පසු කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා විසින් නිවාස ලාභින්ට නිරවුල් ඔප්පු ප්‍රදානයක් ද අද සිදු කළේය.

    මෙහිදී අදහස් දැක් වු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට තිබෙන අයිතිවාසිකම් වතුකරයේ ජනතාවටත් ලබාදිමට එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කර ඇති බවයි. බගවන්තලාව ප්‍රදේශයේ මැණික් කර්මාන්තය දියුණු කිරිමටත් සංචරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමටත් කටයුතු කරන බවද අග්‍රාමාත්‍යයවරයා පැවසිය. වතුකරයේ ජනාතව වෙනුවෙන් ඉදිවන නව නිවාස යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාවට නැංවිම වත්මන් රජයේ අපෙක්ෂාව බවයි අග්‍රාමාත්‍යයවරයා කියා සිටියේ.

     

     

     

     

     

    Last modified on ඉරිදා, 24 පෙබරවාරි 2019 19:36

    Latest News