ජනපතිගේ රුව චිත‍්‍රයට නැඟු පිලිපීන චිත‍්‍ර ශිල්පියෙක්

පෙබ 24, 2019

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පසුගියදා පිලිපීනයේ කළ සංචාරයේ දී පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ දුතෙර්තේ මැතිතුමා විසින් විශේෂ සිහිවටන තිළිණයක් ලෙස ජනාධිපතිතුමාගේ රුව රැගත් ආලේඛ්‍ය චිත‍්‍රයක් පිළිගන්වන ලදී.

    එම චිත‍්‍රය නිර්මාණය කළ පිලිපීනයේ සුප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිල්පී Ranilo Abayan මහතා පසුගියදා සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර සිය සංචාරය නිමකර නැවත මවු රට බලා ගමන් කරන ඒ මහතා හමුවීමට ඊයේ (24) පස්වරුවේ ජනාධිපතිතුමා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගියේය. මෙහි දී ජනාධිපතිතුමා විසින් Ranilo Abayan මහතා වෙත විශේෂ ස්තුතිය පළ කරමින් සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය. මෙම අවස්ථාවට පිලිපීන කලාකරුවන් පිරිසක් ද එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 24 පෙබරවාරි 2019 19:24

    Latest News