“රූ කිරුළ - 2019“

පෙබ 24, 2019

    “රූ කිරුළ-2019“ සඳහා රුවැත්තියන් තේරීමේ තවත් අදියරක් අද පැවැත්විණ.

    සියලු ජාතීන් නියෝජනය කරන රුවැත්තියන් ඊට සහභාගිවීම විශේෂත්වයක්. දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් ඉදිරිපත් කර තිබූ අයදුම්පත් විශාල සංඛ්‍යාවක් අතරින් රුවැත්තියන් 424 දෙනෙකු තෝරා ගෙන තිබිණ. ඒ මූලික වටයේ පළාත් තරගයෙන්.

    කොළඹ පදනම් ආයතනයේ අද උදෑසන සිට පැවති තේරීම් අදියරෙන් රුවැත්තියන් සිය දෙනෙකු තෝරා ගෙන තිබේ. මීළඟ වටයට තෝරා ගන්නා රුවැත්තියන්ගේ නාම ලේඛනය මාර්තු 4 වැනිදා නවලිය පුවත්පතේ පළ කෙරේ. වෙනදා මෙන් මෙවරත් ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් මගින් “රූ කිරුළ 2019“ රුවැත්තියන් තේරීමට ජාතික රූපවාහිනිය සූදානම්.

    මින් තෝරා ගන්නා සොඳුරු රුවැත්තියකට පවුම් 5ක රන් රූ කිරුළ අප්‍රේල් 15 වැනිදා පැවැත්වෙන රූපවාහිනී අවුරුදු උදානයේ දී කිරුළ පළඳිනු ඇත.

    Latest News